ඔබේ පුවත් සඳහා අපෙන් ඉඩ

බ‍ටපොල නගරයේ එදිනෙදා සිදුවන පුවත්, ඔබ සංවිධානය කරන කටයුතු පිලිබඳ ලොවටම කියන්න Batapola.net වෙබ් අඩවිය හරහා ප්‍රචාරය කිරීමට අප සූදානම්.
ඔබේ ප්‍රවෘත්ති, ජායාරූප නිර්මාණ අප වෙත එවන්න.

webmaster@batapola.net
0714833045

ජූලි
19th

කහටපිටියෙන් හමුවූ සමනලයින්

  • Posted in News
  • Comments 0


කහටපිටිය පොල්හුන්නාව ප්‍රදේශයෙන් දුර්ලභ ගණයේ ප්‍රමාණයෙන් තරමක් විශාල සමනල විශේෂයක් හමු විය.

කැමරාකරණය : ඇත්කඳුරේ ජනක් ද සිල්වා.

ජූලි
9th

Free and Open Source Workshop at Batapola

  • Posted in News
  • Comments 1

Free and Open Source Workshop was held on 26th May 2009 at G/Batapola Central College for Grade 11,12 and 13 Students. This is the First Linux Program held on Batapola area. Southern Linux User Group guided it. Ambalangoda IT Director Mrs.Wasana participated as Cheif Guest.

Main points disscussed by Southern Linux User Group’s members

* Free and Open Source Software
* What is Linux
* Linux Usage in Schools
* Specifications of Gnome Desktop
* Fedora Educational Disk
* Fedora Installation
* Sinhala Usage in Linux
* Firefox in Sinhala
* Ubuntu Installation
* Questions and Answers

Southern Linux User Group’s members imparted Linux OS Disks during answering student’s questions.

Workshop plans to hold 8.00am to 1.30pm. But it has to end 12.30pm because of School was closed early.
Student’s activity shows success of the programme. After finishing the programme student’s asks questions form Group members.

workshop pic 1

workshop pic 2

workshop pic 3

workshop pic 4

workshp pic 5

workshop pic 6

workshop pic 7

ජූලි
9th

බටපොල නිදහස් හා විවෘත මෘදුකාංග වැඩමුළුව

  • Posted in News
  • Comments 2

වර්ෂ 2009ක් වූ මැයි මස 26 වෙනිදා ගා/බටපොල නවෝද්‍යා විදුහලේදී නිදහස් හා විවෘත මෘදුකාග ගැන වැඩමුළුවක් විදුහලේ 11, 12 ,සහ 13 ශ්‍රේණි වල ළමුන් සඳහා පැවැත්විණ. මෙය බටපොල ප්‍රදේශයේ පැවැත්වූ ප්‍රථම ලිනක්ස් වැඩසටහන වීමද ‍මෙම වැඩමුළුවේ ‍විශේෂත්වයකි.දක්ෂිණ ලිනක්ස් හවුල මගින් වැඩමුළුව මෙහෙයවූ අතර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අම්බලන්ගොඩ කලාප තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂිකා වාසනා මෙනවිය සහභාගි විය.
විදුහල්පති තුමා මෙහි ආම්භක කතාව පැවැත්වූ අතර එහිදී තොරතුරු තාක්ෂණය සහ පරිගණක භාවිතයේ වැදගත්කම ගැන තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂිකා වාසනා මෙනවියද ළමුන්ට මතක් කලාය.

මෙහිදී වැ‍ඩසටහන මෙහෙයවු දක්ෂිණ ලිනක්ස් හවුලේ සාමාජිකයින් ප්‍රධාන වශයෙන් සාකච්ඡා කල කරුණු වූයේ

* නිදහස් හා විවෘත මෘදුකාංග
* ලිනක්ස් යනු කුමක්ද
* පාසල් වල ලිනක්ස් භාවිතය
* Gnome Desktop හි විශේෂතා
* ෆෙඩෝරා අධ්‍යාපනික තැටිය
* ෆෙඩෝරා ස්ථාපනය
* ලිනක්ස් හි සිංහල භාවිතය
* සිංහල ෆයර්ෆොක්ස්
* උබුන්ටු ස්ථාපනය
* පැන විසදුම්

ළමුන් නැගූ පැන වලට විසදුම් දෙන අතරම ලිනක්ස් මෙහෙයුම් පද්ධති අඩංගු තැටි බෙදාදීමද දක්ෂිණ ලිනක්ස් හවුලේ සාමාජිකයන් විසින් සිදු කරන ලදී.

උදෑසන 8.00 සිට පස්වරු 1.30 වන තුරු වැඩසටහන පැවැත්වීමට පෙර සූදානම් කර තිබුණද පාසල කලින් අවසන් කිරීමට කටයුතු යෙදුණු බැවින් දහවල් 12.30 වන තුරු පමණක් වැඩමුළුව පැවත් වීමට සිදුවිය.
වැඩසටහනේ සාර්ථකත්වය ළමුන්ගේ උනන්දුවෙන් පෙනුණි. වැඩසටහන අවසන් වූ පසුවද ළමෝ හවුලේ සාමාජිකයන්ගෙන් අවශ්‍ය දේවල් දැන ගැනීමට ඔවුන් වටා එක්රැස් වී සිටි අයුරු දැකගත හැකිවිය.

workshop pic 1

workshop pic 2

workshop pic 3

workshop pic 4

workshp pic 5

workshop pic 6

workshop pic 7

ජූලි
9th

News Service form Batapola.net

  • Posted in News
  • Comments 0

Batapola.net introduced local news service. Batapola.net provide greate chance to publish news who like to journaism and send your news and creations to us. Readers can add comments on News and it allows to writer to know reader’s thinking about news.

Batapola Logo

ජූලි
8th

Batapola.net වෙතින් පුවත් සේවාවක්

  • Posted in News
  • Comments 0

Batapola.net අඩවිය මගින් ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටී. මේ සඳහා බටපොල හා ඒ අවට සිටින මාධ්‍යවේදී කලාවට කැමති ඕනෑම අයෙකුට අවස්ථාව ලබාදිමට Batapola.net සූදානම් අතර කැමති අයෙකුට පුවත් සහ නිර්මාණ එවිය හැක. පුවත් සඳහා ප්‍රතිචාර දැක්වීමටද පාඨකයන් හට අවස්ථාව ලබාදී ඇති බැවින් ඔබේ පුවත් සඳහා පාඨකයන් දක්වන අදහස් කෙබඳු ද යන්න පුවත සපයන්නාටද දැනගත හැකි වනු ඇත.
Batapola Logo